2024 මාර්තු 16 වන සෙනසුරාදා

උත්සව සමයේ කාලා හමාරයි!

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

I ගයාන් ගාල්ලගේ

එළැඹෙන උත්සව සමයත් සමඟ එළවළු සහ මස්, මාළු, බිත්තර මිල ශීඝ්‍ර ලෙස ඉහළ යනු ඇතැයි වෙළෙඳ සංගම් නියෝජිතයෝ පවසති.

ඊට හේතුව වන්නේ එම භාණ්ඩ තොග වශයෙන් සපයන්නන් විසින් අදාළ මිල ඉහළ දැමීම බව ඔවුහු පවසති. විශේෂයෙන් නිෂ්පාදන වියදම් සහ ප්‍රවාහන වියදම් ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයත්, වෙළෙඳ අමාත්‍යංශයත් අවධානයෙන් සිටින බවත් යම් හෙයකින් අසීමිත මිල වැඩිවීම් සිදුවුවහොත් පාලන මිල සඳහන් කොට ගැසට් නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01