2024 මාර්තු 09 වන සෙනසුරාදා

’’එට්කා’’ කල් යයි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

දේශපාලන වාර්තාකරු I

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (එට්කා) අත්සන් කිරීම වසර මැද භාගය දක්වා කල් දැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. ඉහළ පෙළේ විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙලෙස එට්කා ගිවිසුම අත්සන් කිරීම කල් දැමෙන්නේ ඉන්දීය මහ මැතිවරණය මෙම වසරේ මැයි මස පැවැත්වීමට නියමිත නිසාය. මැතිවරණ පසුබිමේ අසල්වැසි රටවල් සමඟ ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගීම අවාසිදායක බව ඉන්දීය ආණ්ඩුවේ දේශපාලන උපදේශකයන්ගේ මතය වී ඇතැයි දැනගන්නට තිබේ.

එම නිසා ඉන්දීය මහ මැතිවරණයෙන් පසුව අදාළ ගිවිසුම අත්සන් කෙරෙනු ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00