2024 මාර්තු 02 වන සෙනසුරාදා

ලන්සාගේ පිලේ මීළඟ රැලිය වීරකැටියේදී

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

දේශපාලන වාර්තාකරු I

නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී කණ්ඩායමේ මීළඟ ජන රැලිය වීරකැටියේදී පැවැත්වීමට එම කණ්ඩායම තීරණය කරන ලද බව දේශයට වාර්තා වෙයි. 

මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවේදී දැනට ලංසා පිල සමඟ එක්ව කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වීරකැටියේදී ලංසා පිල පවත්වන ජන හමුව සංවිධානය කිරීමේ වගකීම බාරගත් බවද සඳහන්ය.

ලංසා පිල වීරකැටියේදී පවත්වන්නේ එම මන්ත්‍රී කණ්ඩායමේ තුන්වැනි ජන හමුවයි. පළමු ජන හමුව ජාඇලදීත් දෙවැන්න කොළඹ හයිඩ් පිටියේදීත් මේ වන විටත් පවත්වා හමාරය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00