2024 මාර්තු 02 වන සෙනසුරාදා

කට්ටි පැන්න කුඩු ජාවාරමුන් 1481කට දැල එළයි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

I ​සංජීවිකා සමරතුංග

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පොලිසියේ ලේඛනගත ජාවාරම්කරුවන් 1481 දෙනකු අත්අඩංගුවට ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේදී හඳුනාගත් ලේඛනගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණන 4715 කි. පසුගිය සතිය වන විට එයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3234 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බී.බී.සී. වාර්තාව වැඩිදුරටත් කියයි.

ඒ අතර පාතාලයන්ට එරෙහිව රතු වරෙන්තු 46ක් ජාත්‍යන්තර පොලිසිය හරහා දැනටමත් නිකුත් කර ඇතැයිද එම වාර්තාවේ සඳහන්ය. ඇතැම් අපරාධකරුවකුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර ඔහු සම්බන්ධව අදාළ අධිකරණ බල ප්‍රදේශයේ මහාධිකරණයට ද වාර්තා කර ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00