2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

බැංකු පොලියෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ හාන්සියි

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:04 721

I ගයාන් ගාල්ලගේ

බැංකු පොලී අනුපාතය 9% කට අඩුකර ගනුදෙනුවලදී 3% ක් බැංකු විසින් කපා ගැනීම නිසා රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආදායම විශාල කඩා වැටීමකට ලක්වී ඇති බව ජාතික ජනබලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශ්‍රාම යාමෙන් පසුව ඔවුන් ජීවිත කාලය පුරාවට සේවය සැපයීමෙන් උපයාගත් ආදායම බැංකුවල තැන්පත් කර පොලියෙන් ජීවත් වුවත් අද වන විට බැංකුවල පොලිය ලබාදීමේ ක්‍රමය හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් සිදුවී ඇති බව හෙතෙම සඳහන් කළේය. ආණ්ඩුව විසින් ගනු ලැබූ මෙම තීන්දු නිසා විශාල පවුල් සංඛ්‍යාවක් අන්ත අසරණ වී ඇති බවත් වහාම එම ක්‍රමය වෙනස් කළ යුතු බවත් ඒ මහතා කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00