2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධි භාරය පිල්ලි ගිහින්

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:02 92

I ​සංජීවිකා සමරතුංග

මෙරට ගුවන් ටිකට් පත් අලෙවි කිරීමේදී එක් ගුවන් ටිකට් පතකින් සිවිල් ගුවන් සේවා අධිකාරිය අයකරන ලද ඇමෙරිකානු ඩොලර් 60ක අධිභාරය වසර 14ක් තිස්සේම රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවා නැති බව නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

මෙලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් 14 වසරක් තිස්සේ එකතු කරගත් මුදල රුපියල් මිලියන 16982කි. මෙම අධිභාර මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව විසින්ද දන්වා ඇතත් එම අරමුදල් මෙතෙක් ඒකාබද්ධ අරමුදලට ගෙවා නැත.

2023 වසරේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් විසින් විගණකාධිපතිටද පිටපත් සහිතව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්වරයාටද දැනුම් දී ඇතත් එම මුදල් නියමිත ලෙස ඒකාබද්ධ අරමුදලට ගෙවා නැති බව විගණන වාර්තාව කියයි.