2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ජනපති රනිල් නොබැඳි සමුළුවට යයි

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ජාත්‍යන්තර වාර්තාකරු I

නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව ජනවාරි මස 23 හා 24 දිනවල උගණ්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිල නියෝජිත පිරිසක් සහභාගි වීමට නියමිතය.

නොබැඳි ජාතීන්ගේ කම්පාලා රාජ්‍ය නායක සමුළුවට රටවල් 120ක රාජ්‍ය නායකයන් හෝ නිල නියෝජිතයෝ සහභාගි වෙති. එයට අමතරව තවත් රටවල් 17ක් නිරීක්ෂක මට්ටමින් ද ජාත්‍යන්තර සංවිධාන 10ක් නිරීක්ෂණ සංවිධාන ලෙස ද සහභාගි වෙති.

උගණ්ඩා ජනාධිපති යොවේරි මුසවේනි විසින් මෙවර නොබැඳි සමුළුව විවෘත කරනු ලබයි. එහි නව සභාපතිවරයා ලෙස පත්වන්නේ ද උගණ්ඩා නායකයාය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00