2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ගිනි වලියක්

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 67

I සංජීවිකා සමරතුංග

දියවන්නා කවුන්සිලයේ නිල බල තියෙන ලොක්කො දෙන්නෙක් අතර ලොකු ගෝරියක් පටන් අරන්ලු. එයින් එක් ලොක්කෙක් කාකි සූට් ධාරියෙක්. අනිත් ලොක්කා දියවන්නා සභාවේ රැකවල් භාරව ඉන්න සුදු වස්ත්‍ර ධාරියෙක්ලු.

මේ දෙන්නගේ ගෝරිය පටන් අරගෙන තියෙන්නේ දියවන්නාවේ ආරක්ෂාව පිළිබඳව හතර මායිම් බේරාගන්න බැරුවලු. මේ ගෝරිය සාමාන්‍ය මට්ටමෙන් පටන් අරන් දැන් ගිනි වලියක් බවට පත්වෙලා කියලා ආරංචියි. අන්තිමේදී එයින් එක්කෙනෙක් පොලිසියටත් ගිහිල්ලා අහවලා මට තර්ජනය කළා යැයි කියලා පැමිණිල්ලකුත් දාලලු.

දියවන්නා කවුන්සිල් ඉතිහාසයේ පළමුවැනි වරට වෙච්ච මේ වැඩේ පොඩි හිරිකිත ගතියක් තියෙනවා. කොහොම නමුත් මේක ලේසියෙන් ඉවරවෙන පාටක් නැති රණ්ඩුවක්. ඒ නිසා දියවන්නාවේ සේවය කරන පොඩි මිනිහා කියන්නෙ මේක මෙහෙම ගියොත් අන්තිමට ඉතුරු වෙන්නෙ ඔය ලොක්කො දෙන්නගෙ වලිග දෙක විතරයි කියලා.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00