
I සකීෆ් සාම් තන්වීරි
ජාතිවාදී ප්‍රහාර එල්ල කරමින් මෙරට ඉතියෝපියාවක් නොකරන ලෙසත් සුළු ජාතීන්ට පහරදීමෙන් වක්‍රාකාරයෙන් පීඩාවට පත්වන්නේ මහ ජාතියම බවත් ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි දේශයට පැවසීය.
පසුගිය මාස දෙකක් තුළ මහරගම, නුගේගොඩ, ගොඩපිටිය, ඇල්පිටිය, වෙන්නප්පුව, මරදාන හා පානදුර යන නගරවල සුළු ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන 12කට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර හා ගිනිතැබීම් සිදුව ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය. ව්‍යාපාරික ස්ථානවලට අමතරව මල්ලවපිටිය, පානදුර හා කොහිලවත්ත යන නගරවල දේවස්ථාන 3කටත් ප්‍රහාර එල්ල වී ඇති බවත් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් නැවැත්වීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එකම පවුලක සහෝදරයන් මෙන් ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කරන කාලවකවානුවක කඩාකප්පල්කාරී පිරිසක් සුළු ජාතීන් ඉලක්ක කරමින් ජාතිවාදී ප්‍රහාර සිදුකරන බවත් එසේම සිදුකරමින් තමන් ජයග්‍රහණය කරනවායැයි සිතුවත් සැබවින්ම ඔවුන් ගමන් කරන්නේ පරාජය වෙත බවත් ඔවුන් රටට කරන ලොකුම ද්‍රෝහිකම සාමයට බාධා කිරීමත් බවය.