2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

නත්තල් කාලම එළවළු කමු

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

යසවර්ධන රුද්රිගූ I

දැනට පවතින අධික එළවළු මිල ගණන් දෙසැම්බර් 25 වැනිදාට පසු අනිවාර්යයෙන් පහළ වැටෙනු ඇති බව ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම  පර් යේෂණ  ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන පවසයි.
ඔහු දේශය පුවත්පතට ප්‍රකාශ කළේ මේ දිනවල පවතින අසාමාන්‍ය අධික වර්ෂාව නිසා කෘෂි භෝග වගාව විශාල වශයෙන් විනාශ වූ බවය. මෙවර උඩරට සහ පහතරට යන රටේ දෙකොටසටම එක හා සමානව වැස්ස වැටුණු අතර, තමාට මතක ඇති කාලයක මෙලෙස මුළු රටටම එකවර වර්ෂාව පතිත නොවුණේ යැයි ඔහු කීය. ඒ නිසා මුළු රටේම කෘෂිකර්ම අස්වැන්නට හානි වූ බැවින් මේ තරමටම එළවළු මිල ඉහළ ගිය බව හෙතෙම පෙන්වා දෙයි.

එළවළු මිල ඉහළ ගිය විට එයට ආදේශක වන පරිප්පු, ධාන්‍ය වර්ග සහ අල ආදී ආහාර වර්ග සුලබ කළ යුතු නමුත් රජය විවිධ බදු පැනවීම නිසා ඒවායේ මිල ද ඉහළ යාම එළවළු මිල වැඩිවීම කෙරෙහි තදින්ම බලපෑ බවද ඔහු කීවේය.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00