2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

සජබ මන්ත්‍රීන් 18ක ගෙන් නායකයාට විශේෂ ලිපියක්

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

දේශපාලන වාර්තාකරු I

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ නායකයා සහ පක්ෂය විසින් සිදුකළ යුතු මූලික වෙනස්කම් කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලා සජබ මන්ත්‍රීන් 18 දෙනකුගේ අත්සනින් පක්ෂයට විශේෂ ලිපියක් භාරදී ඇතැයි දේශයට වාර්තා වෙයි.

ඊට පෙර ඒ ගැන පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් මෙම මන්ත්‍රී පිරිස පවත්වා තිබිණි.

එමගින් යෝජනා කර ඇත්තේ සජබය ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පෙර ඊට අදාළව පක්ෂ නායකයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් ලබාදීමට විශේෂ කමිටුවක් පත්කළ යුතු බවය. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන ආකාරය වෙනස් විය යුතු බව එම ලිපියේ සඳහන් බව ස.ජ.බ. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම යෝජනා ඇතුළත් මන්ත්‍රීන්ගේ ලිපිය මේ වන විට පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට පක්ෂ මහලේකම්වරයාට භාර දී තිබේ.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00