2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

හදිසි ඡන්දයකට රට තල්ලු වෙයි!

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02 221

දේශපාලන වාර්තාකරු I

පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමඟ හටගත් ව්‍යාකූල දේශපාලන තත්ත්වය නිසා ලබන අයවැය විවාදයෙන් පසුව රට හදිසි මහ මැතිවරණයකට තල්ලුවීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර ඉදිරි අයවැය විවාදයේදී තෝරාගත් අමාත්‍යංශ 5 ක වැය ශීර්ෂවල ඡන්දය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තුළ රහසිගත සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. පොහොට්ටුවේ ප්‍රබලයකු වන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ අවශ්‍ය වුවහොත් අයවැය පරාජය කිරීමට තම පක්ෂය සූදානම් බවය.

හදිසියේ මෙම තත්ත්වය හටගත්තේ පසුගියදා ජනාධිපතිවරයා විසින් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මෙතෙක් පොදුජන පෙරමුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය පදවිය ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර මහතාටත් වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍ය පදවිය ශ්‍රීලනිපයේම රන්ජිත් සියඹලාපිටිය මහතාටත් පැවරීම හේතුවෙනි. 

පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ ගැන ප්‍රසිද්ධියේම සිය විරෝධය පළ කළේය. අනතුරුව පවත්නා තත්ත්වය තුළ පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත් වීමට තීන්දු කළහොත් ගනු ලබන පියවර ගැන එ.ජා.ප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත් වීමක් ගැන පොහොට්ටුව මෙතෙක් නිල වශයෙන් දන්වා නැති බවයි. එසේ දන්වා නොමැති නිසා එම ප්‍රශ්නයට පිළිතුරු දීම මහලේකම්වරයා ප්‍රතික්ෂේප කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00