2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

IMF දෙවැනි ණය වාරිකය අනුමතයි: ඩොලර් මිලියන 330ක් ලැබේ

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:02 92

දේශපාලන වාර්තාකරු I

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය ගිවිසුම අනුව ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාව සම්පූර්ණ වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවන දෙවැනි ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් නිදහස් කිරීමට තීන්දු කර ඇත. එම තීරණය මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ පසු අදාළ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව දේශයට වාර්තා වෙයි.