2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

කළු සල්ලි පැමිණිලි විමර්ශන කිරීම් අල්ලස් කොමිසමට

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 106

අධිකරණ වාර්තාකරු I

අල්ලස් දූෂණ කොමිෂන් සභාව විසින් අලුත් මුදල් විශුද්ධිකරණ පැමිණිලි පරීක්ෂණ අංශයක් පසුගියදා ස්ථාපිත කළේය. ඒ නව දූෂණ විරෝධී පනත අනුව අල්ලස් දූෂණ කොමිසමට පැවරී ඇති මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි විමර්ශනය සඳහාය.

මෙතෙක් මුදල් විශුද්ධිකරණය සම්බන්ධ පැමිණිලි විමර්ශනයේ නීතිමය වගකීම පැවරී තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුවටයි. එහෙත් නව පනත අනුව මුදල් විශුද්ධිකරණ පැමිණිලි විමර්ශනය අල්ලස් දූෂණ කොමිසමට පැවරී ඇත. නව පරීක්ෂණ ඒකකය ආරම්භ කළේ ඉන් පසුවය. නව මුදල් විශුද්ධිකරණ පරීක්ෂණ ඒකකයට ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් පස්දෙනකු දැනට මූලික වශයෙන් පත්කර තිබේ.