ව්‍යාපාරික වාර්තාකරු I
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹ ඇති විස්තීර්ණ ණය ගිවිසුමට අදාළ දෙවැනි ණය වාරිකය නිදහස් කිරීමට පෙර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් කොළඹට පැමිණ දින 10ක විශේෂ විමර්ශනයක් සිදු කෙරේ. එම විමර්ශනය පසුගිය 14දා ආරම්භ වූ අතර නිමවන්නේ ලබන 24 දිනයි.
මුදල් අමාත්‍යංශ බලධරයන්, මහ බැංකු අධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මුණගැසී ණය වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලෙනු ඇත.
මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ආදායම් ඉලක්ක සම්පූර්ණ වී නැතත් විස්තීර්ණ ණය මුදලේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 335ක මුදලක් ලබන මස මුල්භාගයේදී ශ්‍රී ලංකාවට නිදහස් කෙරෙනු ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග පවසයි.