2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ජපන් අගමැති එන සතියේ එයි

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 85

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එක්දින නිල සංචාරයක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

නවදිල්ලියේ පැවැත්වෙන ජී. 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දියාවට පැමිණෙන ජපාන අග්‍රාමාත්‍යවරයා අනතුරුව ශ්‍රී ලංකාවටද පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාර හවුල්කරුවකු වන ජපාන නායකයා මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අනාගත ආයෝජන අවස්ථා ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බලධරයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00