2017 ජුනි 03 වන සෙනසුරාදා

නව ව්‍යවස්ථාව මේ වසරේ ගේනවාමයි

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

මැතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනාධිපතිධූරය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම නිසා එය මේ වසරේදී ඉටු කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය. 

ඊට අවශ්‍ය වැඩකටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවත් ඇතැම් කරුණු සඳහා ජනමත විචාරණයක් සිදුකළ යුතු නිසා ඒ ගැන සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

නව ව්‍යවස්ථාව එක් පක්ෂයක අවශ්‍යතාවක් නොව රටේම අවශ්‍යතාවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වි ඇත්තේ නව ව්‍යවස්ථාවට පෙර නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දිය යුතු බවය.