
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිල ප්‍රකාශ නිකුත් කිරීමේ බලය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් පැවරීමට ශ්‍රී:ල:නි:ප මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී:ල:නි:පයේ වෙනත් මැති ඇමැතින්ට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
සම්මුතිවාදී රජය පිහිටවූ පක්ෂ පසුගිය මැතිවරණ සමයේදී ජනතාවට ව්‍යවස්ථාව වෙනස් කරන බවට ප්‍රතිඥා දී ඇති බැවින් නොයෙක් මැති ඇමැතින් විවිධ ප්‍රකාශ කරන්නට යාමෙන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු අවුල්සහගත තත්ත්වයට පත්වන නිසා පක්ෂය මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය.
I දේශපාලන වාර්තාකරු