2023 ජුලි 22 වන සෙනසුරාදා

මැයි 09දා දේපළ අහිමි වූ දේශපාලක 586 කට වන්දි

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

I දේශපාලන වාර්තාකරු

පසුගිය වසරේ මැයි මස 09දා හටගත් අරගලකාරී තත්ත්වය නිසා නිවාස ගිනි තැබීම් හේතුවෙන් දේපළ අහිමි වූ මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලකයන් 586 දෙනකුට රජය විසින් වන්දි ගෙවීම ආරම්භ කර ඇත.

රජයේ හානි පූර්ණ කාර්යාලය මගින් මෙම වන්දි ගෙවීම සිදු කරන අතර ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රා. සභා නියෝජිතයන් හා දේශපාලන ක්‍රියාධරයන් මෙලෙස වන්දි ලැබීමට සුදුසුකම් ලැබූහ. රජයේ තක්සේරුකරු විසින් විනාශ වූ දේපළ ගැන කරන ලද තක්සේරුව අනුව වන්දි මුදල් නියම කර තිබේ. මෙම වන්දි ගෙවීම්වලින් 75% ක් දැනටමත් ගෙවා අවසන් බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00