
පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකළ යුතු බවට සුළු ජාතික දේශපාලන පක්ෂ ගණනාවක් රජයට කර තිබෙන යෝජනාව ගැන සාකච්ඡා කිරීමට රජයේ ජ්‍යෙෂ්ඨයන් හා පළාත් ප්‍රධාන ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් සංවිධානය කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද ආණ්ඩුකාරවරුන් සිය බලතල උපයෝගී කරගෙන පළාත් සභා පරිපාලන කටයුතුවලට මැදිහත්වීමෙන් ප්‍රශ්න හටගන්නා බවත් ඒ නිසා ආණ්ඩුකාර බලතල තවදුරටත් අඩුකළ යුතු බවට වාර ගණනාවක් රජයට යෝජනා කර තිබුණි. මෙම යෝජනාව නව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයටද ඉදිරිපත් කර ඇත. එබැවින් මේ ගැන සියලුම ප්‍රධාන අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට රජය තීන්දු කළේය.
I සංජීවිකා සමරතුංග