2023 ජුලි 08 වන සෙනසුරාදා

ජූලි 12 මෛත්‍රීපාලට තීරණාත්මකයි

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:02 212

 පාස්කු නඩුව 

I අධිකරණ වාර්තාකරු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් පස්දෙනකුට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධව පැවරූ නඩුවේ තීන්දුව අනුව ගෙවිය යුතු වන්දි මුදල් ලබන 12දාට ප්‍රථම ගෙවිය යුතු බව නීති අංශ ආරංචි මාර්ග කියයි.

මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී වගඋත්තරකරුවන් 5 දෙනාට නියම කරන ලද දඩ මුදල රුපියල් මිලියන 310 ක් හෙවත් රුපියල් කෝටි 31 කි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100 ක්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 ක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 ක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට රුපියල් මිලියන 75 ක් සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10 ක් වශයෙන් මෙම දඩ මුදල් නියම කැරිණි.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙයින් හේමසිරි ප්‍රනාන්දු මේ වනවිට දඩ මුදලින් රුපියල් ලක්ෂ 10ක මූලික ගෙවීමක් කර ඇති අතර පූජිත ජයසුන්දර රුපියල් ලක්ෂ 17ක මූලික ගෙවීමක් කර ඇති බව සඳහන්ය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00