2023 මැයි 21 වන ඉරිදා

IMF දෙවැනි වාරිකයට වැඩ 4ක් විමර්ශනයට

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:01 173

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l

මේ දිනවල නිරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරයට අදාළ ප්‍රධාන කරුණු 4ක් ගැන තීරණාත්මක විමර්ශනයක් ආරම්භ කර තිබේ. සුප්‍රකට 'ලසාඩ්' සමාගමේ යෝජනා අනුව දේශීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය ආදායම් වියදම් තුලනය, රාජ්‍ය අංශයේ කළ යුතු ප්‍රතිසංස්කරණ, මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ගැන මෙවර නිරීක්ෂණයේදී ගැඹුරින් සොයා බැලෙන බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.

මෙම නිරීක්ෂණයෙන් පසුව ලබන සැප්තැම්බරයේ පමණ නැවත ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන පූර්ණ විමර්ශනයක් සිදුකර දෙවැනි ණය වාරිකය වන ඩොලර් මිලියන 333 නිදහස් කළ යුතුද යන නිර්දේශය ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00