2023 අප්‍රේල් 09 වන ඉරිදා

සීමා නිර්ණයෙන් පුංචි මන්ත්‍රීලා 4800 ට අඩුවෙයි

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 60

දේශපාලන වාර්තාකරු l

මැතිවරණ සීමා නිර්ණය කමිටුව මගින් සිදු කළ පළාත් පාලන ආයතන සම්බන්ධ සීමා නිර්ණයේදී මෙතෙක් ස්ථාපිත කර තිබූ පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව (මන්ත්‍රීන් සංඛ්‍යාව) 8800 සිට 4800 කට අඩුකර ඇතැයි දේශයට වාර්තා වෙයි. මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ සීමා නිර්ණයේදී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මෙලෙස පළාත් පාලන ආයතන මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කරන ලද බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධ අවසන් නිල වාර්තාව කඩිනමින් පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමට නියමිතය. එම වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පසු එහි ඇති යම් යම් දෝෂ වෙත්නම් ඒවා නිවැරදි කිරීම පිණිස සීමා නිර්ණය සමාලෝචන කමිටුවක් පත්කෙරෙනු ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00