
l සංජීවිකා සමරතුංග
කොළඹ, කොම්පඤ්ඤවීදිය, මාලබේ, කොහුවල, කිරුළපන හා වැල්ලවත්ත ප්‍රදේශවල පවත්නා අධික වාහන හා මගී තදබදය තුරන් කිරීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය යෝජනා කර තිබූ ගුවන් පාලම් හා උමං මාර්ග ගණනාවක් මහනුවරට මාරුකිරීමට ගත් තීරණය ගැන මහ නගර සංවර්ධන අමාත්‍යංශය සිය විරෝධය පළ කර තිබේ.
දිනෙන් දින අගනුවර තදබදය අධික වෙමින් වාහනවල ගමන් කාලයද වැඩිවෙමින් පවතිද්දී මගීන්ට හා රිය ධාවකයන්ට වඩාත් පහසුවෙන් ගමන් කිරීමට මෙම ගුවන් පාලම් හා උමං මාර්ග සැලසුම් කර තිබූ බව මහ නගර සංවර්ධන අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එහෙත් දේශපාලන වුවමනා මත අගනුවර අධික තදබදය නොසලකා හැර මෙම කටයුතු මහනුවරට මාරුකිරීමෙන් මාර්ග තදබදය අවම කිරීමේ සැලසුම් අවුල්සහගත තත්ත්වයට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය