2023 මාර්තු 12 වන ඉරිදා

පාතාලයෝ 800ක් රටපුරා 150ක්ම රතු වරෙන්තුකාරයෝ

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:04 126

I ආරක්ෂක වාර්තාකරු

දිවයින පුරා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් 40කට අයත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් 800ක් පමණ ක්‍රියාත්මක වෙමින් සිටින බව පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

මේ අයගෙන් පාතාල අපරාධකරුවන් බහුලව සක්‍රිය වී සිටින්නේ බස්නාහිර හා දකුණු පළාතේය. මෙයට අමතරව විදේශ රටවල් ගණනාවක සිට පාතාලය මෙහෙයවන අපරාධකරුන් 70ක පමණ සංඛ්‍යාවක් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබේ. එයින් 7 දෙනකු පමණ විවිධ හේතු මත දැනටමත් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි. මේ අය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය හා ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ. විදේශගතව සැඟව සිටින පාතාලකරුවන් 70 දෙනාට අමතරව වෙනත් බල අපරාධවලට සම්බන්ධවූවන් ගණනාවක් ගැන ද පොලිස් විමර්ශන අංශ තොරතුරු රුස්කර ඇත. ඒ අනුව පාතාලකරුවන් හා සෙසු අපරාධකරුවන් 150කට පමණ දැනටමත් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇතැයිද වාර්තා වෙයි. පසුගියදා අත්අඩංගුවට පත් හරක් කටාද මෙවැනි ප්‍රතාල ප්‍රබලයෙකි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ 2022 වසරේ ක්‍රියාකාරී පාතාල නායකයන් 160 දෙනකු පමණ අත්අඩංගුවට ගත් බව නවතම පොලිස් වාර්තා පෙන්වා දෙයි.