2017 මැයි 27 වන සෙනසුරාදා

රාජ්‍ය-නියෝජ්‍ය අැමැති පදවිත් වෙනස්වෙයි

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

I ගයාන් ගාල්ලගේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරැන්ගේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට මෙම තීරණය ගැනීමට නියමිතව ඇති අතර මෙතෙක් වගකීම් නොදැරෑ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට තනතුරු ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද කියති. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් එකඟතාවයකට පැමිණ සිටින බවද එම අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර අලුතින් පත්වීම් ලැබූ ඇමැතිවරුන්ගේ විෂයයන් ගැසට් කිරීමද ඒ සමඟ සිදුවනු ඇතැයි සඳහන් වේ.