2023 මාර්තු 05 වන ඉරිදා

ඡන්දෙත් නැහැ ඇප මුදලුත් නැහැ

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 54

දේශපාලන වාර්තාකරු I

යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් 80,720 කගේ ඇප මුදල් ලෙස ලබාගත් රුපියල් දහඅට කෝටි හැට ලක්ෂයක් (රුපියල් මිලියන 186ක්) රජයේ ගිණුමේ තැන්පත් කර තිබේ.

මහා භාණ්ඩාගාරයට මුදල් නොමැතිකම නිසා ඡන්දය කල් දැමුවද භාර දී ඇති නාමයෝජනා අහෝසි නොකරන්නේ නම් නැවත ඇප මුදල් අදාළ අපේක්ෂකයන්ට ගෙවීමට නොහැකි බව මේ ගැන දේශයට අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙක් සඳහන් කළේය.
මේ නිසා පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් හටගෙන තිබෙන අවිනිශ්චිත තත්ත්වය මගහැරෙන තුරු ඇප මුදල් රජයේ ගිණුමේ තබාගැනීමට සිදුවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 58ක් සහ ස්වාධීන කණ්ඩායම් 329ක් වෙනුවෙන් යට කී අපේක්ෂකයන් 80,720 දෙනා ඇප මුදල් තැන්පත් කර තිබේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00