2023 පෙබරවාරි 26 වන ඉරිදා

ඡන්ද දිනය තුන්වැනිදා කියනවා- මැතිවරණ කොමිසම

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:01 112

ගයාන් ගාල්ලගේ I

යෝජිත පළාත් පාලන මැතිවරණය කලින් නිවේදනය කළ පරිදි මාර්තු මස 9 දින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සිකුරාදා (24) නිවේදනය කළේය. මැතිවරණ කොමිසමේ පාලනයෙන් බැහැර කාරණා හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද කොමිෂන් සභාවේ නිවේදනයේ සඳහන් වේ.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ දක්වා සිදුකළ ව්‍යාවස්ථාපිත කාර්යයන් ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කොට මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කතානායකවරයාට මැදිහත් වෙන ලෙස දැනුම්දීමට කොමිෂන් සභා තීරණය කළ බවද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.