2023 පෙබරවාරි 05 වන ඉරිදා

රුපියල් දෙසීයේ පෙට්‍රල් විකුණන්නේ 400/- ට- පා.ම. චම්පික රණවක

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:04 170

ගයාන් ගාල්ලගේ I

හදිසියේ පෙට්‍රල් මිල ඉහළ දැමීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදු නොවුණු දෙයක් බවත් එය හුදෙක් හිතුමතයට කළ දෙයක් බවත් 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

ප්‍රවාහන ගාස්තු පවා ගෙවා අද වනවිට වරායෙන් ගොඩබාන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200ක් බවත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රුපියල් 200ක පෙට්‍රල් ලීටරයකට තවත් රුපියල් 200 ක් එක් වී තිබෙන්නේ පෙට්‍රල් සඳහා දැවැන්ත බද්දක් පැනවීම නිසා බවත් හෙතෙම සඳහන් කළේය.