2022 දෙසැම්බර් 11 වන ඉරිදා

සජබ මහ සමුළුව අද

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 103

ගයාන් ගාල්ලගේ I

සමගි ජනබලවේගයේ පක්ෂ සම්මේලනයෙන් පසුව පළාත් පාලන මැතිවරණය ඉල්ලා දීපව්‍යාප්ත විරෝධතා මාලාවක් දියත් කිරීමට එම පක්ෂය විසින් තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය නියමිත දින පැවැත්වීම සඳහා රජයට සහ මැතිවරණ කොමිසමට බල කිරීමේ අදහසින් මෙම උද්ඝෝෂණ මාලාව දියත් කිරීමට සැලසුම් කර බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

නියමිත දිනට මැතිවරණය නොපැවැත්වුවහොත් අධිකරණයට යාමටද එම පක්ෂය තීන්දු කර ඇත. එසේම සමගි ජනබලවේගයේ පක්ෂ සම්මේලනය අද (11) කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.