2022 දෙසැම්බර් 04 වන ඉරිදා

භාණ්ඩ හා සේවා ගණනාවක බදු දෙකක් ඉවතට

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 60

I ව්‍යාපාරික වාර්තාකරු

දැනට භාණ්ඩ හා සේවා ගණනාවක් මත පනවා ඇති වරාය හා ගුවන් තොටුපොළ බද්ද සහ සෙස් බද්ද ලබන ජනවාරි මස සිට ඉවත් කෙරෙනු ඇත.

ඒ අනුව පියවර කිහිපයකින් මෙම බදු වර්ග දෙක ඉවත් කෙරේ. මෙයින් සෙස් බද්ද වසර තුනක් තුළ පියවර තුනකින් සහමුලින්ම ඉවත් කෙරේ. එහෙත් කෘෂිකර්මය පදනම් කරගෙන කරනු ලබන කර්මාන්තවලට පනවා ඇති සෙස් බද්ද ඉවත් නොකෙරේ. ඊට හේතුව අදාළ කර්මාන්තවලට රැකවරණයක් ලබා දීමය.

මෙයට අමතරව වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද ලබන ජනවාරියේ සිට වසර පහක් තුළ පියවර 5කින් සහමුලින්ම ඉවත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන් දේශීය කර්මාන්තවල ආරක්ෂාව සඳහා පනවා තිබෙන සෙස් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පාවහන් නිෂ්පාදකයන් ඇතුළු කර්මාන්තකරුවන් රැසක් දැනටමත් සිය විරෝධය පළ කර ඇත. සෙස් බදු අයකළ භාණ්ඩ හා සේවා වෙනුවෙන් රජයට ලැබුණු ආදායම අදාළ කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා වැය කිරීම මෙතෙක් පැවති ක්‍රමයයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00