2022 දෙසැම්බර් 04 වන ඉරිදා

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස 61 දක්වා

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 65

I දේශපාලන වාර්තාකරු 

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 61ක් දක්වා ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක සභාව තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ සඳහා අදාළ උපදේශක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එම හමුවේදී ඊට සභා නායකවරයා, විපක්ෂ නායකවරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් එකඟත්වය දක්වා ඇත.

එහෙත් මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය ඊට එකඟතාව දන්වා නැති බවත් වාර්තා වෙයි.

දැනට රජයේ පොදු රාජ්‍ය ප්‍රතිපත්තිය රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම යැවීම වන අතර අත්‍යවශ්‍යම සේවකයන් තවදුරටත් සේවයේ රඳවාගත යුතු නම් කොන්ත්‍රාත් පදනම මත සේවා දිගුවක් ලබා දිය යුතුය යන්න රජයේ තීරණයයි. ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ තීන්දුවට එරෙහිව දැනටමත් අධිකරණයේ නඩු පවරා ඇත.