චමිඳු නිසල් ද සිල්වා I
විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය මහජන උපයෝගීතා කොමිසම අනුමත නොකරන අවස්ථාවක ආණ්ඩුව තවදුරටත් ගාස්තු වැඩිකිරීමට උත්සහ දරන්නේ නම් මහජන උපයෝගීතා පනත ඉරා දමා එය සිදුකළ යුතුබව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවැසීය.
එසේම ඉන්ධන මිලද අඩුවී, ජනතාවද විදුලි පරිභෝජනය අඩුකර ඇති අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ පැරණි ණය ගෙවා දැමීමට ජනතාව පිට බර පැටවීම යුක්ති සහගත නොවන බවද ජනක රත්නායක මහතා සඳහන් කළේය. බිලියන ගණනක ණය ගෙවා දැමීම සඳහා ට්‍රිලියන ගණනක වත්කම් විදුලිබල මණ්ඩලය සතුව ඇතැයි ද ජනක රත්නායක මහතා සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය සුදුසු පරිදි ප්‍රතිව්‍යුහ ගතකොට එම වත්මන් කළමනාකරණය කිරීමෙන් දැනට ඇති ණය ගෙවා දැමීමට හැකියාවක් පවතින බවද උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය. පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් බවත් දේශපාලන අධිකාරිය ඊට පිටින් නොයනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.