2022 නොවැම්බර් 27 වන ඉරිදා

පුංචි ඡන්දයේ කාල සටහන සැකසේ

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 66

දේශපාලන වාර්තාකරු I 

ලබන මාර්තු මස 20 දින වනවිට නව පළාත් පාලන ආයතන ස්ථාපිත කළ යුතු බැවින් ඊට ගැලපෙන කාල සටහනකට අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානු ඇතුළත් මූලික නිල ප්‍රකාශනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය.

නාමයෝජනා කාලසීමාව, මැතිවරණ ප්‍රචාරක කාලසීමාව හා අනෙකුත් සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය කාලසීමාව ගත් කල ඡන්දය පැවැත්වීමට මාස 2 ½කට පෙරවත් එම නිල ප්‍රකාශය නිකුත් කිරීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එහෙත් මැතිවරණය පැවැත්වීමට පෙර දැනට කරගෙන යන සීමා නිර්ණය කටයුතු හමාරකොට නව ඡන්ද කොට්ඨාස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත් එහිදී ඡන්දය නියමිත දිනයට පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට නීතිමය ගැටලුවක් ඇතිවන බවද ඔහු පැවසීය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00