2022 නොවැම්බර් 20 වන ඉරිදා

කැබිනට් පට්ටම් තීන්දුවට රනිල් - බැසිල් හමුවක්

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 329

I දේශපාලන වාර්තාකරු

යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි සතියේදී පැවැත්වෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

පසුගියදා පෞද්ගලික නිවාඩුවක් සඳහා ඇමෙරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා (අද) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහු කලින් සැලසුම් කර තිබුණේ ලබන ජනවාරි මාසයේ ලංකාවට පැමිණීමටයි. නමුත් පවත්නා දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂය සංවිධානය කිරීම සඳහා ඔහු ඉරිදා හදිසියේම දිවයිනට පැමිණෙන බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු පැමිණීමෙන් පසු මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති කැබිනට් පත්වීම් සහ ආණ්ඩුකාර පත්වීම් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00