2022 නොවැම්බර් 06 වන ඉරිදා

ප්‍රියමාලිගේ ජරමරවලට නිළියන් දෙදෙනෙක් ළඟදීම ඇතුළට

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:04 358

ආරක්ෂක වාර්තාකරු I

තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනකු ගැන ලැබී ඇති සාක්ෂි මත ඔවුන් අත්අඩංගුවට ගැනෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙම තැනැත්තියන්ගෙන් එක් අයකුගෙන් දැනටමත් රහස් පොලීසිය මූලික ප්‍රශ්න කිරීමක් සිදු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.

තිළිණි ප්‍රියමාලිගේ හඬපට ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ කරුණු අනුව එක්තරා ජනප්‍රිය නිළියකගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හඬපටවල ඇති අසභ්‍ය සංවාද සම්බන්ධයෙන් තමන්ට කිසිවක් මතක නැතැයි ඇය පැවසූ බව සඳහන් වෙයි.
ඒ අතර දැනට මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාර්ගඵල ලාභියෙක් බව කියන බොරැල්ලේ සිරිසුමන හිමියන් සම්බන්ධයෙන් රහස් පොලීසිය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ප්‍රියමාලිගේ ඉල්ලීම අනුව එක්තරා ධනවත් ව්‍යාපාරිකයකු හමුවට ගොස් ආවේශ වී (මායම් වී) ඔහු ළඟ ඇති කෝටි 75ක පමණ මුදලක් ප්‍රියමාලි ළඟ තැන්පත් කරන ලෙසත් එසේ නොකළහොත් ඔහුට මහත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් කියා බියට පත් කළ බවය. ප්‍රියමාලිගේ රත්රන් පොලු ජාවාරමකට සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද සිරිසුමන හිමියන් ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන බව පොලීසිය පවසයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00