
ඕනෑම අයකුට ඕනෑම විදේශීය මුදල් ප්‍රමාණයක් මෙරටට ගෙන ආ හැකි නව විදේශ විනිමය පනත ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
නව පනතට අනුව විදේශිකයකුට හෝ මෙරට පුරවැසියකු ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙන ඒමට අවසර ලැබෙන අතර එය පරීක්ෂාවකට ලක් නොකරන බව හෙතෙම සඳහන් කළේය. එය මූලික හරය වුවත් යම් යම් රෙගුලාසි කිහිපයක් ඒ සඳහා එකතු වන බවද අමාත්‍යවරයා කීය.
එලෙස මුදල් ගෙන ආ හැකි වුවත් මෙරටින් එලෙස මුදල් ගෙන යා නොහැකි බව ඔහු සඳහන් කළේය.
I ගයාන් ගාල්ලගේ