2017 මැයි 20 වන සෙනසුරාදා

බදු නැතුව රටවල් තුනකට අපෙන් භාණ්ඩ 6000ක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

චීනය, ඉන්දියාව හා සිංගප්පූරුව සමඟ මේ වසරේ රජය විසින් ඇතිකර ගන්නට යන නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා මෙරට නිෂ්පාදිත භාණ්ඩ වර්ග 6,000ක් පමණ බදු රහිතව එම රටවල වෙළෙඳපොළට අලෙවි කිරීමට අවස්ථාව උදාවන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙයින් වැඩිම භාණ්ඩ වර්ග ගණනක් අලෙවි කළ හැක්කේ චීනයටයි. අනතුරුව ඉන්දියාවට හා සිංගප්පූරුවට භාණ්ඩ අපනයනය කිරීමේ වරම ලැබේ.

මේ ආකාරයට නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ ඇඟලුම්, පළතුරු, කොහු නිෂ්පාදන සහ තේද මාළු සහ මල් වර්ගද එම රටවලට බදු රහිතව අලෙවියට අවකාශ සැලැසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අදාළ කටයුතු දැනටමත් සංවිධානය කෙරෙමින් පවතී. පසුගියදා අගමැතිවරයාගේ චීන චාරිකාවේදීත් සඳහන් කර තිබුණේ මේ වසරේ එකී නිදහස් වෙළෙඳ ගිවිසුම් තුනට අත්සන් තබන බවයි.

l දේශපාලන වාර්තාකරු