2017 මැයි 20 වන සෙනසුරාදා

වතුර බිල ළඟදීම නගී!

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

වතුර බිල වැඩි කිරීම සලකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කර ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය. ඔහු ඒ බව කීවේ ඉදිරියේදී ජල ගාස්තු ඉහළ යනු ඇති බවට නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශය කළ විමසුමට පිළිතුරු දෙමිනි.

අවසන් වරට වතුර බිල වැඩීවීමක් සිදුවූයේ මීට වසර පහකට ඉහතදීය. එමනිසා කැබිනට් අනුකමිටුවේ තීරණය අනුව ඉදිරියේදී වතුර බිල වැඩිවිය හැකි බවත් එම අනුකමිටුවේ තීරණය නිකුත්වන දිනය තමා නොදන්නා බවත් මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය. 2017 වර්ෂය සඳහා අයවැය යෝජනවෙන් 30%කින් පමණ ජල බිල වැඩි කිරීමට යෝජනා වී තිබුණත් ජනතා විරෝධතා නිසා ජල ගාස්තුව ඉහළ දැමිය නොහැකි විය. මෙවර කොපමණ ප්‍රතිශතයකින් ජල ගාස්තුව ඉහළ දමන්නේද යන්න තමා නොදන්නා බවත් එය තීරණය කරන්නේත් එම අනුකමිටුව විසින්ම බවත් ඔහු සඳහන් කළේය.

l සකීෆ් සාම් තන්වීරි