2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ප්‍රියමාලිගේ රන් පවුම් සහ මුදල් ගම්පහින් මතුවෙයි

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:02 421

ආරක්ෂක වාර්තාකරු I

කුප්‍රකට මූල්‍ය ජාවාරමක් ගැන චෝදනා ලබා දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සතු රන් පවුම් 30ක් සහ රුපියල් ලක්ෂ 30ක මුදලක් ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සම්බන්ධව දැන් අදාළ පරීක්ෂණ දියත් කර තිබේ. ඊට අමතරව මාසිකව කාර්යාල කුලිය ලෙස හා තම සේවක පඩිනඩි වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් පමණ වැයකර ඇති ප්‍රියමාලිට එම ආදායම ලැබුණේ කෙසේද යන්න ගැනද දැන් විශේෂ විමර්ශනයක් සිදුකෙරෙමින් පවත්නා බව පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.