
පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය කඩ තුනක් තිබෙන බවත් මෙහි මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා ඉහළින් සිදුවෙද්දී බන්ධනාගාරයේ ඇතැම් බලධරයන්ට ගජ වාසි උදාවී තිබෙන බවත් නොබෝදා බන්ධනාගාරයෙන් මිදී පැමිණි තම නම ගම හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ තැනැත්තෙක් පැවසීය.
ඊසි කෑෂ් ක්‍රමයට මෙහි ගනුදෙනු සිදුවන බවද මෙම කටයුතු සඳහා ඇතැම් බලවතුන්ගෙන් සුපිරි සහායක් ලැබෙන බවද ඊසි කෑෂ් ක්‍රමයට රැඳවියකුට රුපියල් 5000/- දැම්මොත් එම රැඳවියාට ලැබෙන්නේ රු. 500/-ක මුදලක් බවද කියයි.
නිලධාරින්ට නැතත් රැඳවියන්ට දිගුකාලීන සිරකරුවන්ට ඕනෑම වර්ගයේ ජංගම දුරකථන ළඟ තබාගැනීමට අවකාශ ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.