2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ජාතික ජල බලවේගයෙන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ රැලි

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 49

ගයාන් ගාල්ලගේ l

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සහ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව අරගලකරුවන් සමඟ එක්ව දීපව්‍යාප්ත උද්ඝෝෂණ සහ රැලි මාලාවක් මේ මස අවසානයේ සිට සිදු කිරීමට ජාතික ජනබලවේගය විසින් තීරණය කර තිබේ.

පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගිය අරගල භූමිවල නියෝජිතයන් සහ එම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව මේ උද්ඝෝෂණ මාලාව පැවැත්වීමට නියමිතය.

මෙම උද්ඝෝෂණ මාලාවේ අවසානය පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන තෙක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.