2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

අලුත් සන්ධානයකට සජබ සාකච්ඡා

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 55

ගයාන් ගාල්ලගේ l

එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා අලුත් සන්ධානය සැකසීමේ අරමුණින් සමගි ජනබලවේගය සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

 

ඔවුන් සියලු දෙනාගේම අපේක්ෂාව වී ඇත්තේ එම සන්ධානය ඔස්සේ අපේක්ෂකයන් මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටය.

ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමත්, අනුර ප්‍රියදර්ශන මහතාගේ කණ්ඩායමත් සමඟ සමගි ජනබලවේගය මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.