2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ණය ගෙවීමට භාණ්ඩාගාර බිල්පත්

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 44

ව්‍යාපාරික වාර්තාකරුl

රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ ආනයනකරුවන් සඳහා රජය විසින් පියවිය යුතු හිඟ බිල්පත් වෙනුවෙන් මුදල් ගෙවීම වෙනුවට භාණ්ඩාගාර බිල්පත් ලබා දීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

රජයේ මාර්ග කොන්ත්‍රාත්කරුවන්, ජල සම්පාදන, වාරිමාර්ග අංශය ආදී සෙසු ක්ෂේත්‍ර රැසක කොන්ත්‍රාත්කරුවන් නිම කරන ලද කටයුතු සඳහා පසුගිය මාර්තු මාසයෙන් පසු කිසිදු ගෙවීමක් සිදු කර නැත. එසේම පොහොර ඇතුළු ආනයන කටයුතු රජය වෙනුවෙන් සිදු කළ පෞද්ගලික සමාගම් ගණනාවකට ද ගෙවිය යුතු බිල්පත් පියවා නැත.

මෙලෙස රජය විසින් කොන්ත්‍රාත්කරුවන්ට සහ ආනයනකරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් කෝටි 30,000 ක් (රුපියල් බිලියන 300ක්) පමණ වන බව වාර්තා වෙයි. එම හිඟ බිල්පත් මුදලින් පියවිය නොහැකි නිසා අදාළ වටිනාකමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙන බව දැනගන්නට ඇත.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00