දේශපාලන වාර්තාකරුl
ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තරුණ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් රජයට ප්‍රශංසා කරන බව සඳහන් කළෝය.
සිය නම් සඳහන් නොකරන ලෙස ඉල්ලමින් අප වෙත කරුණු දැක්වූ තරුණ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන්ට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබාදීමෙන් තමන්ගේ උසස්වීම්වලට මෙන්ම අගනුවර හෝ වෙනත් පහසු රාජකාරි ස්ථානයකට මාරුවීම් ලබාගත නොහැකි බවය.
තරුණ විශේෂඥ වෛද්‍යවරුන්ට මුලින්ම පත්වීම් ලැබෙන්නේ දුෂ්කර හෝ අති දුෂ්කර සේවා ස්ථානවලටයි. මෙලෙස පත්වීම් ලබන තරුණ වෛද්‍යවරුන්ට පහසු රාජකාරි ස්ථානයක් ලබාගැනීමට තිබෙන ප්‍රධානම බාධාව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් එම පහසු රාජකාරි ස්ථානවල දීර්ඝ කාලයක් එකදිගටම රැඳී සිටීමය. මෙයින් තමන්ට පමණක් නොව අගනුවර ආශ්‍රිතව රැඳී සිටින තම දරුපවුල්වලටද බලවත් අසාධාරණයක් සිදුවන බව අප වෙත කරුණු දැක්වූ තරුණ විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.
මේ නිසා නීතියෙන් අවසර ඇති පරිදි අත්‍යවශ්‍යම විශේෂ සේවාවන් කරන ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සේවා දීර්ඝ කිරීම් ලබා දී සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සුපුරුදු ලෙස අවුරුදු 60 න් විශ්‍රාම යෑමට සැලැස්වීම අසාධාරණ නොවන බව එම තරුණ විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් කීහ.