2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

පොහොට්ටුවේ මුල් පුටුව පිට කෙනෙකුට !

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 124

සංජීවිකා සමරතුංග l

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ සභාපති ධුරයට දැනට පාර්ලිමේන්තුවේ තනතුරු නොදරන බාහිර විද්වතකු පත් කිරීමට එම පක්ෂය තීන්දු තර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් එම පක්ෂයේ සභාපති ධුරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වෙමින් නිදහස් ජාතික සභාව කණ්ඩායම නියෝජනය කරයි. එම නිසා මහාචාර්ය පීරිස් වෙනුවට සුදුස්සකු තෝරාගැනීම සඳහා පොදුජන පෙරමුණ විධායක සභාව ඉදිරි සතියේදී රැස්වනු ඇතැයි වාර්තා වෙයි. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් සභාපති ධුරයෙන් ඉවත් කොට නව සභාපතිවරයකු පත් කරගනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.