2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

වී මණ්ඩලේට නැති මුදල් ව්‍යාපාරිකයන්ට !

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 148

දේශපාලන වාර්තාකරු l

වී අලෙවි මණ්ඩලයට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් රාජ්‍ය මුල්‍ය ආයතන විසින් සපයා නැතත් පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500 බැගින් (බිලියන 5 බැගින්) කෝටි 1000ක් නිදහස් කර ඇතැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ පැවසීය.

වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා රාජ්‍ය මුල්‍ය ආයතනවලින් මේ සම්බන්ධයෙන් වාර ගණනක් කරන ලද ඉල්ලීම්වලට කන් නොදුන් රාජ්‍ය මුල්‍ය ආයතන බලධරයන් පොළොන්නරුවේ ව්‍යාපාරිකයන්ට මෙලෙස මුදල් නිදහස් කළ ආකාරය ගැන වහා සොයා බැලිය යුතු බවද අවධාරණය කෙරිණි.

මෙම මුල්‍ය පහසුකම ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා දැන් ගොවීන් සමඟ හෙට්ටු කොට අඩු මුදලට වී මිලදී ගනිති. ඔවුන් වී මිලදී ගැනීම හමාර කරන්නට සැරසෙන විට වී අලෙවි මණ්ඩලයට ද මෙම මුල්‍ය ආයතන මුදල් නිදහස් කරනු ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ද හිටපු අමාත්‍යවරයා කීය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00