2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

ජිනීවා යෝජනාව: ලංකාවට ලැබෙන්නේ ඡන්ද 11යි ?

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:03 284

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් 5ක් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී අප රටට පක්ෂව ඡන්ද 11ක් පමණ ලැබෙනු ඇතැයි ජිනීවා හි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

එසේම ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්ද 22ත් 24ත් අතර ගණනක් ලැබීමට ඉඩ ඇති අතර රටවල් 12ක් පමණ ඡන්ද විමසීමට සහභාගි නොවී සිටිනු ඇතැයි මේ වනවිට ලැබෙන වාර්තාවල සඳහන්ය.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ සමස්ත සාමාජික සංඛ්‍යාව 47 කි.

මෙවර ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ ඇතුළු රටවල් විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අමතරව මානව හිමිකම් මහ කොමසාරිස්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව මගින් ද තදබල නිර්දේශ නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් අඩු කිරීම, උතුරැ නැගෙනහිර හමුදා අඩු කිරීම, ආර්ථික අපරාධ සම්බන්ධව පියවර ගැනීම ඇතුළු ප්‍රධාන නිර්දේශ ගණනාවක් මේ අතර වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන ජිනීවා කොමිසම් ඡන්ද විමසීම ඔක්තෝබර් 04ත් 06ත් අතර දිනකදී පැවැත්වීමට නියමිතය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00