2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

කැබිනට් දිවුරුම දෙකට කැඩෙයි !

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 366

I ගයාන් ගාල්ලගේ

කැබිනට් මණ්ඩලය සඳහා නව අමාත්‍යව‍රුන් දිවුරුම් දීම අවස්ථා දෙකකදී සිදුකිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ 11 දෙනකුගෙන් යුත් නාමලේඛනයේ නම් සඳහන් දෙදෙනකු නිසා බව සඳහන් වේ. එම දෙදෙනා දිවුරුම් දීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවත් පසුව දිවුරුම් දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා කර ඇත. 

ඒ එම දෙදෙනා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විරෝධයන් නිසාය. මේ අතර නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කිසිදු අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බව පක්ෂය වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් අවස්ථා දෙකකදී අමාත්‍යවරුන් දිවුරැම් දීම සිදු කළ නොහැකි බව පොහොට්ටුව විසින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි සඳහන් වේ.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00