I දේශපාලන වාර්තාකරු
රුපියල් හැටපන් කෝටියක් (මිලියන 650ක්) වටිනා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ විශාල තොගයක් ස.තො.ස ගබඩාවල ගොඩගසා ඇතැයි දේශයට වාර්තා වෙයි.
ස.තො.ස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා කළ විශේෂ විමර්ශනයකදී මේ බව හෙළි වී තිබේ. වසර තුනක් තිස්සේ ස.තො.ස විවිධ ව්‍යාපාරිකයන්ගෙන් මිලදී ගෙන අලෙවි කරගත නොහැකිව කල් ඉකුත් වූ භාණ්ඩ මේ අතර වෙයි. කිරිපිටි වර්ග, පාන් පිටි, බිස්කට්, සෝයාමීට්, ටින් කෑම ඇතුළු අත්‍යවශ්‍ය ආහාර රැසක් මෙලෙස කල් ඉකුත් වී ඇතැයි වාර්තා වන අතර මෙයින් ස.තො.ස ආයතනයට දැවැන්ත මුල්‍ය පාඩුවක්ද සිදුව ඇත.
නව සභාපතිවරයා පත්වීමෙන් පසු මෙම භාණ්ඩ තොගයෙන් ලක්ෂ 130ක් (මිලියන 13ක්) වටිනා භාණ්ඩ නැවතත් ඒවා නිෂ්පාදනය කළ නිෂ්පාදකයන් භාරගැනීමට කැමැත්ත පළ කර තිබේ. එහෙත් වසර 2019 න් පසු මිලදී ගෙන පසුව කල් ඉකුත් වූ භාණ්ඩ ආපසු නිෂ්පාදකයන් වෙත නොයැවීමෙන් ඒවාට දැඩි හානියක් සිදුව ඇතැයි ද හෙළිදරව් වී ඇත.